හැටන් නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක ATM යන්ත්‍රයට බැර කිරිමට වෑන් රථයකින් රැගෙන පැමිණි රුපියල් කෝටි හයකට අධික මුදලක් රැගෙන පලා ගිය අදාල වෑන් රථයේ රියදුරා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මුදල් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් නගරයේ පිහිටි අදාල පෞද්ගලික බැංකුවේ ATM යන්ත්‍රයට මුදල් බැර කරනු ලබන්නේ මහනුවර නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් වන අතර ඊයේ දින එම පෞද්ගලික ආයතනයේ නිලධාරින් දෙදෙනෙක් සහ ගිනි අවියක් සහිත ආරක්ෂිත නිලධාරියෙකු බැංකු ශාඛාව වෙත මෙම වෑන් රථයෙන් පැමිණ තිබුනා.
එහිදි ආරක්ෂක නිලධාරියා සහ අදාල නිලධාරින් දෙදෙනා වැන් රථයෙන් බැස බැංකු ශාඛාව වෙත ගිය අවස්ථාවේ වෑන් රථයේ රැදි සිටි රියදුරා වැන් රථය රැගෙන පලා ගොස් තිබු බවයි පොලිසිය පැවසුවේ.
වෑන් රථයේ සවි කර තිබු GPS යන්ත්‍රය අනුව සැකකරු ගමන් ගන්නා මාර්ගය අධික්ෂණය කිරිමෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
42 හැවිරිදි සැකකරු දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.
