විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය අනුව හාල්මැස්සන් හා කරවල කිලෝග්‍රෑමයක් මත පැනවෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 100 ක්.
උළු හාල් ඇට කිලෝග්‍රෑමයක් මත පැනවෙන බද්ද රුපියල් 50 ක් වනවා.
කුරක්කන් පිටි කිලෝ ග්‍රෑමයක් මත රුපියල් 150 ක බද්දක් පැනවෙන අතර අබ ඇට කිලෝග්‍රෑමයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 62 ක්.
ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ලූණු කිලෝ ග්‍රෑමයක් මත රුපියල් 40 ක බද්දක් පනවා තිබෙනවා.
වෙඩරු මෙන්ම කිරිවලින් නිෂ්පාදිත තැවරුම් කිලෝවක් සඳහා පැනවෙන බද්ද රුපියල් 880 ක්.
අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාල ගැසට් නිවේදනයේ සඳහන්.
