නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ආ රුපියල් හාර කෝටි හැත්තෑ දෙලක්ෂ එකොළොස් දහස් හැත්තෑ පහක් වටිනා රත්තරන් කිලෝ ග්රැම් දෙකයි ග්රැම් අනූ අටක් අද අලූයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බව රේගුව සඳහන් කලා.
ඔහු විසින් රැගෙන ආ බඩුබාහිරාදිය අතර තිබූ මෙම රත්රන් තොගය ගමන් මලූ වලින් ඉවත් කර භාණ්ඩ ප්‍රවාහන ට්‍රොලියෙහි සගවා ගෙන , ගුවන් තොටුපළෙන් පිටතට යෑමට තැත් කරමින් සිටිය දීයි රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණේ.
එසේ අත් අඩංගුවට ගත් රත්තරන් අතර ග්රැම් 116 බැගින් බරැති රන් බිස්කට් 16 ක් සහ තවත් රන් කැබලි 04 ක් ද තිබූ බව ගුවන් තොටුපළ රේගුව සඳහන් කලා.
