හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවිම් නිකුත් කර තිබෙනවා.
එම අනතුරු ඇගවීම් හෙට පසුවරු 2යි 30 දක්වා බල පැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ. පසුගිය පැය 24 තුළ එම ප්රදේශවලට මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් පැවතියා.
වර්ෂාව තවදුරටත් පවතී නම් නාය යෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළිමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.