රට තුල මේ වනවිට ප්‍රධාන අර්බුධ 03 ක් හටගෙන ඇති බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඩොලර් පිළිබද අර්බුධය / රාජ්‍ය මූල්‍ය පිළිබද අර්බුධය සහ කඩාවැටුණු ආර්ථික අර්බුධයෙන් ගොඩ එමේ අර්බුධය ඒ අතර වන බවයි ඔයු පවසන්නේ.
පෙරේදා ආරම්භ වූ නව පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනාධිපතිවරයා විසින් සිදුකල කතාව සම්බන්ධයෙන් ඊයේ පැවති විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
හරිත ප්‍රතිපත්තිය තවදුරටත් පවත්වාගෙන යන බවට ජනාධිපතිවරයා පසුගියදා සිදුකල ප්‍රකාශයෙන් රටේ ජනතාව මහත්සේ භීතියට පත්ව ඇතැයි සමගි ජනබලවේගය පවසනවා.
මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා.
පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබූ ආණ්ඩුවේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ඔවුන්ට ඇති විශ්වාසය තහවුරු වන බවයි එහිදී අදහස් පළ කල පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සදහන් කලේ.
නව පාර්ලිමේන්තු සැසි වාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශණය සම්බන්ධයෙන් අද දිනයේදීත් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිමට නියමිතයි.