මෙරට කෘෂිකර්මාන්තයේ දියුණුව උදෙසා ලබාදිය හැකි උපරීම දායකත්වය ලබාදීමට කැපවන බව ලෝක බැංකුවේ ප්‍රධාන කෘෂි විශේෂඥ ජෝන් ෆයිසර් මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත්කල නව නියෝජිතයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවීමට පැමිණි අවස්ථාවේදියි ඔහු මෙම අදහස් පළ කලේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේදියි මෙම හමුව පැවැත්වුනේ.
මෙතෙක් එම ධුරයේ කටයුතු කළ ඇන්ඩෘ ගුඩ්ලන්ඩ් මහතා ඊයේ දිනයේදි එම ධුරයෙන් සමුගත්තා.