මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද පිටත්ව යාමට නියමිතයි.
මැඩගස්කරයේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා සමඟ 8 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබුණා.
නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු ඩුබායි සිට මැඩගස්කරය බලා යාමට උත්සහ දරා ඇත්තේ මැණික් ව්‍යාපාර සඳහා යන බව පවසමින් බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.
