මෙරට තුල හමුදා පාලනයක් ක්‍රියාත්මක කිරීම සදහා සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්ණ කලා.
එම තොරතුර සම්පූර්ණ අසත්‍යයක් බවත් එවැනි කිසිදු පාලනයක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික හැකියාවක් නොමැති බවත් ඊට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කලා.
ගිනිබත් වූ නිවාස වල අයිතිකරුවන්ට මුහුණ දීමට පවා නොහැකි තත්වයක් මේ මොහොතේදී තමන්ට උදාවී ඇති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කලේ.
දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය හෙට පෙරවරු 06 න් අවසන් කෙරෙන බවත් අවශ්‍ය වුවහොත් යම්කිසි කාලසීමාවක් ජනතාවට ලබාදී නැවතත් ඇදිරිනීතිය පණවන බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න එහිදී කියා සිටියා.
