සතියක් තුළ හදිසි ගොඩ බැස්වීම් 02 ක් සිදුකල අභ්‍යන්තර ගුවන් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා සහ එහි ප්‍රධාන ඉංජිනේරුවරයා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දෙසැම්බර් 20 වන දින පයාගල වෙරළ තීරයටත් දෙසැම්බර් 27 වන දින කටාන ප්‍රදේශයටත් සිදුකල ගොඩබැස්වීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් වමර්ශන සිදුකර ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් තාක්ෂණික වාර්තාවක් කැඳවා තිබුණා.
සැකකරුවන් විසින් දණ්ඩනීය චෝදනා සිදුකර ඇති බවට දක්වමිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
රත්මලානේ පදිංචි 53 හැවිරිදි කළමණාකාර අධ්‍යක්ෂවරයා සහ හොරණ පදිංචි 46 හැවිරිදි ප්‍රධාන ඉංජිනේරුවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.