වෙළදපල තුළ ගෑස් හිගයක් නිර්මාණයවීම සහ අද දිනයේදී ගෑස් මිල ඉහළදැමීමට ලාෆ් ගෑස් සමාගමට අවසරදීම ආණ්ඩුව සිදුකළ සැළසුම් සහගත ක්‍රියාවක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
ගෑස් අර්බුදය පිටුපස රාජ්‍ය දේපළ පෞද්ගලික අංශයට විකුණා දැමීමේ ජාවාරමක්ද ඇති බවයි පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේ.
කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීමටත් බඩුමිල ඉහළයාමේ ගැටලුවට විසදුම් දීමටත් ආණ්ඩුව අසමත්ව ඇති බවයි සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේ.