වත්මන් ආණ්ඩුව ගතවූ වසර එකහමාරක කාලය තුල රට අවාසනාවන්ත තත්වයකට පත්කර ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.
ආර්ථික කළමණාකරනයේ වැරදි තීරණ හේතුවෙන් ඉදිරියේදී බරපතල ආකාරයේ භාණ්ඩ හිගයක් රටතුල ඇතිවීමේ අවදානමක් ඇති බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන් මහතා පෙන්වා දුන්නේ.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්වීමේ සූදානමක් ඇතැයි ප්‍රචාරය වන කරුණ පිළිබදවද මුජුබර් රහුමාන් මහතා මෙහිදී අදහස් දැක්වුවා.