කොවිඩ් අනතුරු දීමනාව අඛණ්ඩව ලබාදීම ඇතුලු ඉල්ලීම් ඉටු නොවන්නේ නම් අනිද්දා සිට සේවයෙන් බැහැර වී වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව අවධාරණය කරනවා.
කොවිඩ් වසංගතය අවසන් බව හගවා සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයට කැදවමින් කොවිඩ් අනතුරු දීමනාව ඇතුලු පහසුකම් කප්පාදු කිරිමේ සූදානමක් පවතින බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කළේ කොරෝනා තුරන් වි ඇතැයි ව්‍යාජ මතයක් නිර්මාණයට ආණ්ඩුව සුදානම් වන බවයි.
කොරෝනා වසංගතයේ වර්තමාන තත්වය විද්‍යාත්මක පුරෝකථනයට රජය අසමත් වී ඇතැයිද රවී කුමුදේශ් මහතා පෙන්වා දුන්නා.