සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 44 ක් අද පෙරවරු 07 සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
ඒ රුපියල් 7500 ක කොවිඩ් දීමනාව ලබා දීම අත්හිටුවීමට විරෝධය පළකිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි.
කෙසේ වෙතත් මෙම ක්‍රියාමාර්ගය කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර කරන රෝහල් / රිජ්වේ ආර්යා ළමා රෝහල සහ අපේක්ෂා රෝහල වැනි විශේෂිත රෝහල් තුළ ක්‍රියාත්මක නොවන බවයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ.
පැය 05 ක වැඩ වර්ජනයෙන් අනතුරුව අද දහවල් 12 සිට දිවයිනේ සියලූම රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධාන කර ඇති බවද ඔහු සඳහන් කලා.
මේ අතර මෙම සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති සමග සාකච්ඡාවක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.