සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධව අද පෙරවරු 07 සිට නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල පැය 24 ක වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිඛෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කර ඇති වැඩ වර්ජන මාලාවේ තවත් පියවරක් ලෙස නැගෙනහිර පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල මෙම වර්ජනය සිදුකරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා නිවුස් රේඩියෝ වෙත කියා සිටියේ.