සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන බස් රථ 327 ක හා වායු සමනය කළ බස් රථ 68 ක රියැදුරන් සදහා පොලිසිය විසින් අවවාද කර තිඛෙනවා.
සෞඛය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්නාහිර පළාතේ වෙලදසැල් 510 ක හිමිකරුවන් සදහාද පොලිසිය අවවාද කල බවයි පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කලේ.
බස්නාහිර පළාතේ ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේදැයි සොයා බැලිම සදහා විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ පස්වරු 2 සිට 4 දක්වා ක්‍රියාත්මක වුනා.
එහිදි මගී ප්‍රවාහන බස් 875 ක් / වායු සමනය කළ බස් 190 ක් හා වෙලෙදසැල් 1164 ක් පරීක්ෂාවට ලක් කර තිඛෙනවා.
මෙම මෙහෙයුමට පොලිස් නිළධාරින් 462 ක් සහභාගි වුනා.