කොවිඩ් අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින මහජනතාව රැකබලා ගත නොහැකි තත්වයකට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරාළ මහත්මිය චෝදනා කරනවා.
වසංගතය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් බලයක් සෞඛ්‍ය අමාත්‍යවරියට නොමැති තත්වයක් පවතින බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී තලතා අතුකෝරාළ මහත්මිය පෙන්වා දුන්නේ.