නිසි සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කරමින් මගීන් රැගෙන යාමට දුම්රිය සහ බස්රථ ප්‍රවාහන ආයතන වගකීම ගත යුතුබව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයේදී සෑම අංශයක්ම සිය වගකීම ඉටුකළ යුතු බවයි.
අන්තර්පළාත් අතර ප්‍රවාහනය ආරම්භ කිරීමත් සමග මහජනතාවගේ ඒකරාශීවීම් වැඩි බැවින් අදාළ ආයතන බලධාරින් විසින් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද සැළකිල්ලට ගෙන සෑමවිටම කටයුතු කරන ලෙසයි හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ.