සෞඛ්‍ය වෘත්තීයවේදීන් විසින් ගෙනයනු ලබන අරගල වලදී ඒවායේ ඇතැම් නායකයින් ගුරු සංගම් පිළිබද සිදුකර ඇති ප්‍රකාශ හෙළා දකින බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා.
එම ප්‍රකාශ තුලින් ඔවුන්ගේ නොදැනුවත්භාවය පෙන්නුම් කරන බවයි ඔවුන් පවසන්නේ. අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමින් ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා මෙලෙස අදහස් පළ කලා.
