සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

    IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 01 සිට සුරක්ෂා නිවාසවලට නෑ

    තණමල්විල සුළු භූ කම්පනයක්

    ප්‍රදේශ රැසකට භූ චලන තත්වයක්

    ගුරු – විදුහල්පති සමිතිවලට හිටපු මැ.කො දුන්න උපදෙස

    නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක්

    මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

    මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් කල්යයි

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමට දෙන්නේ නැහැ – සෞඛ්‍ය ඇමති

Admin by Admin
3 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
KEHELIYA RAMBUKWELLA
0
SHARES
0
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

රටේ ආර්ථික අභියෝග තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටීමට හෝ එම ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු නිවැරදි නොකර ආර්ථික අර්බුදයට භාරදීමට කිසිසේත් සූදානම් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සියලු ක්ෂේත්‍ර අභිබවා ගිය දැවැන්ත ක්‍රියාදාමයක් යැයිද එනිසා මෙම වසර තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින සියලු අභියෝග ජයගැනීමට සූදානම් යැයිද අමාත්‍යවරයා කීය.

රාජ්‍ය සේවකයන් අද (02) පෙරවරුවේ නව වසර සඳහා වැඩ ආරම්භ කිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් එම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති වැඩසටහනේදී අමාත්‍යවරයා මේ බව කීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය මෑත කාලයේ මුහුණ දුන් බරපතලම අභියෝගය කොවිඩ් උවදුර බවත් එහෙත් වත්මනෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන්නේ ඉන් එහා අභියෝගයකට බවත් අමාත්‍යවරයා  වැඩිදුරටත් කීය. එ්තුළ කොවිඩ් ව්‍යසනය වෘත්තීමය වශයෙන් එම ක්ෂේත්‍රයට ජයගත හැකි අභියෝගයක් යැයිද එහෙත් වත්මන් අභියෝගය ආර්ථික ක්ෂේත්‍රය හා ගැටගැසුණු තත්ත්වයක් තුළ එයට මුහුණ දිය යුත්තේ කොවිඩ් ව්‍යසනයට මුහුණ දුන් ආකාරයට වඩා වෙනස් පසුබිමක් තුළ බවත් ඒ මහතා මෙහිදී කීය.

මෙහිදී වැඩිදුරටත් කතාකළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

රාජ්‍ය සේවක පඩි නඩි , විශ්‍රාම වැටුප් වලින් පසු ජනාධිපතිතුමා ප්‍රමුඛත්වය ලබාදී තිබෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටයි. ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වනු ලබනවා.

අද වන විට අපි සැපයුම්කරුවන්ට විශාල මුදලක් ලබාදීමට තිබෙනවා මේ වන විට. ඒ අය සමඟ සාකච්ඡා කොට මෙම ප්‍රශ්න විසඳා ගනිමින් තිබෙනවා. ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස අපට ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. අප කොවිඩ් අර්බුදය මෙන්ම මෙම අභියෝගයද ජයගත යුතුමය. ඒ සඳහා අප කැපවී කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපවීම තවදුරටත් මෙම වසර තුළ වඩ වඩාත් ඉහළ මට්ටමින් අපේක්ෂා කරනවා.

ඇතමුන් සිතනවා 2022 අභියෝග සමඟ වසර අවසන් කියලා.ඒත් ඒක එහෙම නැහැ. 2023 වසර තමයි අභියෝග වලට අපට මුහුණ දීමට සිදුව තිබෙන්නේ.සෞඛ්‍ය ක්ෂේත්‍රය භාර අමාත්‍යවරයා ලෙස මාගේ වෙනම ප්‍රතිඥාවක් තිබෙනවා. ඒ අභියෝග සියල්ල ජයගන්න කළ හැකි , කළ යුතු සියලු දේවල් පිළිගත් සමාජ නීතිය තුළ කරනවා කියන එක. ඒ අභියෝග වලට මුහුණ දෙන්න මා සූදානම්. ඕනෑම පරිසරයක කටයුතු කරන්න මම සූදානම්.

මං මෙතන දේශපාලන කතා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි වර්තමානයේ තියෙන අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඒක සෑම පුරවැසියකුගේම ප්‍රශ්නයක්. තවදුරටත් ප්‍රශ්නයේ  වැඩිම බර තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට. ආහාර සුරක්ෂිතබාවය ගැන කතා කෙරෙනවා. මම හැමවෙලේම කියනවා සීනි, පරිප්පු , මුං ඇට, හාල්මැස්සෝ මොනවාහරි අඩුවක් තියෙනවා නම් ඒක ගේන්න පුළුවන්. ඖෂධ එහෙම ගේන්න බැහැ.ඒක ඉන්දියාවට, පකිස්ථානයට, මියන්මාරයට, ඩකා වලට ගිහිල්ලා සතියක් ඇතුළත ලංකාවට ගේන්න පුළුවන්.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එහෙම කරන්න බැහැ. එය ඉන් එහා ගිය මහා දැවැන්ත ක්‍රියාදාමයක්. ඒ නිසාම යම් යම් චෝදනා වලට අපි ලක් වෙනවා. ඒක මං හිතනවා නොදැනුවත්කම තුල  නැගෙන චෝදනාවක් කියා . මොකද මේ නිලධාරීන් සියලු දෙනාම මොනතරම් මහන්සියක් වෙනවද කියලා මම දන්නවා. ඒ තුළ  සාමාන්‍ය තත්ත්වයෙන්  එහා ගිය විදිහට අපි කටයුතු කරන්න ඕනෑ මෙම තත්ත්වය විසඳා ගැනීමට නම්.

Admin
Tags: කෙහෙලිය රඹුක්වැල්ලසෞඛ්‍ය ක්ෂේත්‍රය
Previous Post

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ජනපති හමුවෙයි

Next Post

පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට සිට දින හතරක්

Admin

Admin

Related Posts

IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්
දේශීය

IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

by Admin
March 30, 2023
ICC කාන්තා ලෝක කුසලානයේ සුදුසුකම් වටයට ගිය ලාංකික ක්‍රීඩිකාවන් 03 කට කොවිඩ්
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ක්‍රීඩා ඇමතිගෙන් ICCයට ලිපියක්

by Admin
March 30, 2023
රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී
දේශීය

නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 01 සිට සුරක්ෂා නිවාසවලට නෑ

by Admin
March 30, 2023
තණමල්විල සුළු භූ කම්පනයක්
දේශීය

ප්‍රදේශ රැසකට භූ චලන තත්වයක්

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති සමිතිවලට හිටපු මැ.කො දුන්න උපදෙස
දේශීය

නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක්

by Admin
March 30, 2023
Next Post
හෙට පැය 7 1/2 ක විදුලි කප්පාදුවක්

පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට සිට දින හතරක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In