එක් අමාත්‍යවරයෙකු ඉවත් කළ පමණින් සියළු සිදුවීම් වළක්වා ගැනීමට ආණ්ඩුවට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබද මාතලේදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ.
ආණ්ඩුව නිවැරදි වන්නේ නම් ආණ්ඩුව අභ්‍යන්තරයේ පිපිරීම වළක්වා ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නා.
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කළ විවේචනයට වැඩි විවේචනයක් ආණ්ඩුවට එල්ල කල රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාව මේ දක්වා ධුරයෙන් ඉවත් නොකළ හේතුවද තමා දන්නා බවයි මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ.