සුරාසැල් වසා තැබීම හරහා ග්‍රාමියව විශාල වශයෙන් විෂ මත්පැන් නිෂ්පාදනගාර බිහිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.
පවතින කොරෝනා වසංගතය හමුවේ නීති විරෝධි මත්පැන් වැටලිම්ද ආරක්ෂක අංශ වෙත දුෂ්කර වි ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස් .බී දිසානායක මහතා මෙම අදහස් පළකළා.
පොදුජන පෙරමුණේ ඇතැම් මැති ඇමතිවරුන් මාධ්‍ය හමු පවත්වමින් එකිනෙකාව විවේචනය කර ගැනිම යහපත් තත්වයක් නොවන බවයි එස් බී දිසානායක මහතා අවදාරණය කළේ.