සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    VAT බද්ද 12% දක්වාත් විදුලි සංදේශන බද්ද 15% දක්වාත් ඉහළට

    උපයන විට බද්ද (PAYE) 12% සිට 15% දක්වා ඉහළට

    උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

    ගුරු මාරු අප්‍රේල් 17 වනදා සිට

    “දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙමින් පවතින නිසා ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ”

    IMF මූල්‍ය පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    PARLIAMENT

    මන්ත්‍රී වරප්‍රසාද කඩවීම ගැන විමර්ශනයට පත්කළ විශේෂ කාරක සභා නිර්දේශ නීතිපතිට

    නැවත අරගල කරන්න ආවොත් හමුදාව යොදවනවා – පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ

    IMF ණය පහසුකම ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

    RANJITH MADDUMA BANDARA

    මුදල් ලේකම් ට එරෙහිව තවත් පෙත්සමක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    VAT බද්ද 12% දක්වාත් විදුලි සංදේශන බද්ද 15% දක්වාත් ඉහළට

    උපයන විට බද්ද (PAYE) 12% සිට 15% දක්වා ඉහළට

    උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

    ගුරු මාරු අප්‍රේල් 17 වනදා සිට

    “දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙමින් පවතින නිසා ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ”

    IMF මූල්‍ය පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    PARLIAMENT

    මන්ත්‍රී වරප්‍රසාද කඩවීම ගැන විමර්ශනයට පත්කළ විශේෂ කාරක සභා නිර්දේශ නීතිපතිට

    නැවත අරගල කරන්න ආවොත් හමුදාව යොදවනවා – පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ

    IMF ණය පහසුකම ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

    RANJITH MADDUMA BANDARA

    මුදල් ලේකම් ට එරෙහිව තවත් පෙත්සමක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

සුභසාධක ප්‍රතිලාභීන්ගේ විනිවිදබවකින් යුතු නාමලේඛනයක් තවමත් සකස් කිරීමට නොහැකිවෙලා

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
සුභසාධක ප්‍රතිලාභීන්ගේ විනිවිදබවකින් යුතු නාමලේඛනයක් තවමත් සකස් කිරීමට නොහැකිවෙලා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සුභසාධක ප්‍රතිලාභීන්ගේ විනිවිදබවකින් යුතු නාමලේඛනයක් තවමත් සකස් කිරීමට නොහැකිවෙලා – රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අනාවරණය වෙයි 

  • පනතේ 21 සහ 22 වගන්ති මගින් සාවද්‍ය තොරතුරු සැපයුවොත් නිලධාරීන් ද දඩුවමකට යටත් වීම හේතුවයි
  • IMF යෝජනාවක් ද වන නිසා කඩිනමින් මෙම ගැටලුව විසදා ගැනීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කරයි

සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හදුනා ගනිමින් ලේඛනයක් සකස් කිරීම සදහා දත්ත ලබා ගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව පසුගියදා (10) පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අනාවරණය විය.

එම කාරක සභාව 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2302/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙලෙස සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී දූෂණවලින් තොරව විනිවිදබවකින් යුතුව එම කටයුතු සිදුකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් බවත් ඒ අනුව එ් සදහා වගකීම පැවරෙන්නේ  සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලයට බවත් මෙහිදී වැඩිදුරටත් හෙළිවිය. ඒ අනුව එම දත්ත රැස් කිරීමේ කටයුතුවලට අවශ්‍ය විධිවිධාන සදහා මෙම ගැසට් පත්‍රයේ නියෝග පළකොට තිබිණි.

ඒ අනුව මෙහිදී අදහස් දැක්වූ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න මහතා පවසා සිටියේ ලියාපදිංචි අයදුම්කරුවන්ගේ නිවෙස්වෙත ගොස් පනතේ විධිවිධාන අනුව අයදුම්කරුවන් විසින් කරනු ලබන ප්‍රකාශයට අදාළ දත්ත සහ තොරතුරු ලබා ගැනීමේදී පනතේ 21 සහ 22 වගන්ති අනුව සිය රැකියා අහිමිවීමට පවා ඉඩ ඇති බව පෙන්වා දෙමින් එකී වගන්ති සංශෝධනය කරන තුරු මෙම ක්‍රියාවලියට අදාළ සියලු ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්වන බව සමෘද්ධි, ග්‍රාමනිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති දන්වා ඇති බවයි.

මෙම 21 සහ 22 වගන්තිය මගින් සාවද්‍ය දත්ත ඇතුළත් කරන නිලධාරීන්ද දඩුවමකට යටත්වන බැවින් මෙසේ එම වගන්ති සංශෝධනය වනතුරු මෙම දත්ත එකතු කිරීම ප්‍රතික්ෂේප කොට ඇති බවද ඒ මහතා පෙන්වා දෙන ලදී.

රජයේ සුබ සාධක ලැබීම් සදහා සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම පිණිස සුදුසු තැනැත්තන් / පවුල් හඳුනා ගැනීම සදහා මූලික අයදුම්පත් භාර ගැනීම පසුගියදා අවසන් වී තිබිණි. එසේම සුබසාධක ප්‍රතිලාභ ඉල්ලුම් කර ඇති අයදුම් කරුවන්ගේ නිවෙස් වෙත ගොස් ද්වීතීයික තොරතුරු එක්රැස් කිරීම සදහා ජංගම යෙදවුම් මෘදුකාංගයක්ද හදුන්වා දුන් බවද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

මෙහිදී කමිටුවේදී සාකච්ඡාවූයේ සමෘද්ධිලාභීන්ගෙන් 40% ආසන්න ප්‍රමාණයක්  නුසුදුසු පුද්ගලයන් බව ලෝක බැංකු සමීක්ෂණයකදී ද හෙළිවී ඇති බවයි. ඒ අනුව නුසුදුසු පුද්ගලයන්ට දීමනාව ලබා දී ඉන් යම් ප්‍රතිශතයක් ලබා ගන්නා ඇතැම් දූෂිත නිලධාරීන් ද සිටින බව මෙහිදී සාකච්ඡා විය. මනා  විනිවිදබවකින් යුතුව මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු සිදු කිරීම සදහා මෙම නිවැරදි දත්ත සහිත ලේඛනයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

එසේම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී ජාතික හැදුනුම්පත අනිවාර්ය කළයුතු බවටද කාරක සභාව විසින් නිර්දේශයක්ද ලබා දෙන ලදී. තාක්ෂණය මෙතරම් දියුණු මට්ටමක ඇති පසුබිමක ජාතික හැදුනුම්පතක් සෑම පුරවැසියෙකුටම ලබාදීමට හැකියාවක් නොමැති බව පිළිගත හැකි කරුණක් නොවන බව ද වංචනික ක්‍රියාවන් නැවැතීමට එය වැදගත් තීරණයක් වනු ඇති බවද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම පමාවීමටත් මෙම ලේඛනය සකස් කිරීම පමාවීම හේතුවිය හැකි බැවින්ද දූෂණය හා වංචාවෙන් තොර සංස්කෘතියක් ඇති කිරීම සදහා ද කඩිනමින් මෙම ගැටලුව විසදා ගැනීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කරන ලදී.

ඒ අනුව මෙම ගැසට් පත්‍රය සදහා අනුමතිය ලබා දුන් කාරක සභාව මුදල් අමාත්‍යාංශ ඉහළ නිලධාරීන්ට සහ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේ මේ සම්බන්ධව කඩිනමින් සාකච්ඡා කොට විසඳුමකට පැමිණෙන ලෙසයි. එසේම විකල්ප ක්‍රියාමාර්ගයක් හෝ අනුගමනය කරමින් මෙම දත්ත රැස්කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට අදාළ තීරණ ගන්නා ලෙස ද කාරක සභාව මෙහිදී නිර්දේශ කරන ලදී.

එසේම එම ප්‍රගතිය සති දෙකක් තුළ කාරක සභාවට වාර්තා කරන ලෙස ද අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දුන්නේය.

Admin
Tags: COPFරජයේ මුදල් පිළිබද කාරක සභාව
Previous Post

දේශීය සම්බා රු 05 කින් / දේශීය සුදු නාඩු රු 02 කින් / පාන් පිටි රු 05 කින් පහළට

Next Post

ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම වැට උඩ

Admin

Admin

Related Posts

VAT බද්ද 12% දක්වාත් විදුලි සංදේශන බද්ද 15% දක්වාත් ඉහළට
දේශීය

උපයන විට බද්ද (PAYE) 12% සිට 15% දක්වා ඉහළට

by Admin
March 22, 2023
උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය
දේශීය

ගුරු මාරු අප්‍රේල් 17 වනදා සිට

by Admin
March 22, 2023
“දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙමින් පවතින නිසා ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ”
දේශීය

IMF මූල්‍ය පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

by Admin
March 22, 2023
PARLIAMENT
දේශීය

මන්ත්‍රී වරප්‍රසාද කඩවීම ගැන විමර්ශනයට පත්කළ විශේෂ කාරක සභා නිර්දේශ නීතිපතිට

by Admin
March 22, 2023
නැවත අරගල කරන්න ආවොත් හමුදාව යොදවනවා – පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ
දේශීය

IMF ණය පහසුකම ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

by Admin
March 22, 2023
Next Post
බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට

ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම වැට උඩ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In