සුබසාධන ප්රතිලාභ ලබා දීමට සුදුස්සන් තෝරා ගැනීමේ වැඩසටහන යටතේ මේ දක්වා අයදුම්පත් ලක්ෂ 37ක් ලැබී ඇතැයි සුබසාධක ප්‍රත‘ිලාභ මණ්ඩලයේ සභාපති බී විජයරත්න පවසනවා.
ඔහු කියා සිටියේ මේ දක්වා ලද අයදුම්පත් අතරින් අදවනවිට ලක්ෂ 27කට අධික අයදුම්කරුවන්ගේ තොරතුරු සංගණනය කර අවසන් කර ඇති බවයි.
සුදුස්සන් තෝරා ගැනීමෙන් පසු අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන අතර ජූනි මාසය වන විට ප්රතිලාභ ලබා දීම ආරම්භ කළ හැකි බව සුබසාධක ප්‍රත‘ිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවා.
මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ දත්ත වලට අනුව මෙරට සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 68ක් වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසුවේ අද වන විට දර්ද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන ජනතාව ජනගහනයෙන් සියයට 25ක් දක්වා වැඩි වී ඇති බවයි.
