සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පත් නොකිරීම හේතුවෙන් ප්රතිලාභ හිමි පිරිසට මුදල් ගෙවීමට නොහැකි වී තිබේ.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පැවසුවේ, අදාළ මුදල් ගෙවීම අනුමත කිරීමට මණ්ඩලය රැස් විය යුතු බවය.
එහෙත් සභාපතිවරයා පත් නොවීම හේතුවෙන් මුදල් ගෙවීම් අනුමත කිරීමට නොහැකි වී තිබේ.
එම මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බි. විජේරත්න මහතා පසුගිය දා සිය තනතුරින් ඉල්ලා අස්විය.
ඒ අනුව නව සභාපතිවරයා ලෙසට ජයන්ත විජේරත්න මහතා පත් කරන ලෙසට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාපතිවරයා විසින් නමක් යෝජනා කර තිබේ.
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව විසින් අදාළ නම මෙතෙක් අනුමත කර නැත.
මේ අතර සුබසාධක ප්රතිලාභ මණ්ඩලය මගින් එවා ඇති නාම ලේඛනයේ සමෘර්ධි ප්‍රතිලාභීන් බොහෝ දෙනෙකුගේ නම් ඇතුළත් නොමැති බවට සමෘර්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය චෝදනා නගනු ඇත.
එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මුද්දුම කළුගේ මහතා සඳහන් කළේ, සමාජ සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අස්වැසුම නාම ලේඛනයක් එවා ඇති බවයි.
අප මේ පිළිබඳව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතාගෙන් විමසීමක් කළේ ය.
ඔහු සඳහන් කළේ, අයැදුම්පත් භාර නොදී සිටි බොහෝ පිරිසකගේ නම් ලැයිස්තුවෙන් ඉවත්ව ගොස් ඇති බවයි.