ලංකා සතොස සමාගමේ සිදුවූ සුදුලූණු වංචාවට අදාලව ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ බම්බලපිටියේ පදිංචි 25 හැවිරිදි අයෙකු වන අතර ඔහු සතොස ආයතනයෙන් සුදු ලුණු තොගය වංචා සහගතව මිළදි ගත් පුද්ගලයාගේ පුත්‍රයා බවයි පොලිසිය සඳහන් කලේ.
මෙම සැකකරු අත්අඩංගුවට පත්වුනේ එම සමාගමට රුපියල් එක් කෝටි 17 ලක්ෂ 19 දහසක මුදලක් වංචා කිරීම / කූට ලේඛන සකස් කිරීම හා සොරබඩු සන්තකයේ තබා ගැනීම යන වැරදි සිදුකරමින් එම වංචාවට ආධාර අනුබල දීම චෝදනාව යටතේයි.
