අද දිනයේ පාසල් ආරම්භයත් සමග සිසු සැරිය බස් රථ සම්පූර්ණ ප්‍රමාණයම ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දෙනවා.
නිව්ස් රේඩියෝ කළ විමසීමකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සියලු ඩිපෝ කළමානාකරුවන් දැනුවත් කර ඇති බවයි.
ලංගම බස් රථ ධාවනයට අවශ්‍ය ඉන්ධන තොග ඩිපෝ සතු බවද පණ්ඩුක ස්වර්ණහංස මහතා දැනුම් දුන්නා.
ඊට අමතරව ඩිපෝ හරහා පෞද්ගලික බස් රථවලට ඩීසල් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ පෞද්ගලික බස් රථ බොහොමයකට ඉන්ධන ලබා දීම සිදුකළ බවයි ඔහු කියා සිටියේ.
මේ අතර පෞද්ගලික බස් රථ අද දිනයේදී සීමා වුවද ධාවනය වන බස්රථ වලින් පාසල් ළමුන් සදහා ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය දැනුම් දුන්නේ.