ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් සිදු කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වන දායි.
ඊට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යි ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයට කැඳවා ඇත්තේ.