පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් කල සිරිල් ගාමිණී පියතුමන් මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ නීතිපති දෙපාර්තමේන්තුව හරහායි.
අන්තර්ජාල සංවාදයකදී සිදුකල ප්‍රකාශයක් පදනම් කරගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එය වළක්වන අතුරු නියෝගයක් ලබාදෙන ලෙසත් සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකල මූලික අයිතිවාසිකම් පෙත්සම අද සළකා බැලුණා.
ඒ විජිත් මලල්ගොඩ – පී පද්මන් සූරසේන සහ එල් ටී බී දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන වසරේ අප්‍රේල් 07 වනදා සිදුකිරීමට නියමිතයි.