ප්‍රකාශයක් ලබාදීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.
අද පෙරවරු 10.00 ට පියතුමන් රහස් පොලිසිය වෙත කැදවා ඇති බවයි කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන කාර්යාලය නිවේදනය කලේ.
පාස්කු ඉරිදා සිද්ධියට අදාළව සිදුකල ප්‍රකාශයක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් කල පැමිණිල්ලකට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් සඳහායි මෙම ප්‍රකාශය ලබා ගැනෙන්නේ.