ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබද අවධානය යොමුකෙරෙන තවත් සාකච්ඡාවක් අද පස්වරුවේ අධ්‍යාපන අමත්‍යාංශයේ නිළධාරින් සමග පැවැත්වෙන බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සමාජ මාධ්‍යයේ අදහස් දක්වමින් කියා සිටියේ මෙම සාකච්ඡාවට ඇතැම් පිරිස් අනවශ්‍ය වටිනාකමක් ලබාදෙමින් සිටින බවයි.
මෙම සාකච්ඡාවෙන්ද ගුරු විදුහල්පති ගැටළු සදහා විශාල සාධනීය විසදුම් හිමිවේයැයි අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ .