සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    බොරු ප්‍රකාශ එපා | ගෑස් ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැහැ – ලිට්‍රෝ සමාගම

    ලිට්‍රෝ ගෑස් මිල පහළට

    ”හදිසියේ ඇතිවූ ගෑස් හිගයත් අද මිල ඉහළයාමත් ආණ්ඩුවේ සැළසුමක්”

    සිය ස්ථාවරය ජනපති ඉදිරියේ කීමට ජවිපේ සූදානමින්

    ලොහාන් ගැන මැතිවරණ කොමිසමේ ස්ථාවරය

    මැතිවරණ කොමිසමේ සහ සියළු දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක්

    “විරෝධතාවයට නාවොත් අපි හෙට අරගල භූමියෙන් යනවා”

    “විරෝධතාවයට නාවොත් අපි හෙට අරගල භූමියෙන් යනවා”

    ඇමති ධුරයේ වැඩ කල නොහැකි බව වාසු කියයි

    විදුළි බිල ඩබල් වෙයි ??

    ප්‍රභාත් ජයසූරියත් මාසයේ ක්‍රීඩකයාට නිර්දේශ වෙයි

    ICC ජූලි මාසය සඳහා ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත් ජයසූරියට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    බොරු ප්‍රකාශ එපා | ගෑස් ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැහැ – ලිට්‍රෝ සමාගම

    ලිට්‍රෝ ගෑස් මිල පහළට

    ”හදිසියේ ඇතිවූ ගෑස් හිගයත් අද මිල ඉහළයාමත් ආණ්ඩුවේ සැළසුමක්”

    සිය ස්ථාවරය ජනපති ඉදිරියේ කීමට ජවිපේ සූදානමින්

    ලොහාන් ගැන මැතිවරණ කොමිසමේ ස්ථාවරය

    මැතිවරණ කොමිසමේ සහ සියළු දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක්

    “විරෝධතාවයට නාවොත් අපි හෙට අරගල භූමියෙන් යනවා”

    “විරෝධතාවයට නාවොත් අපි හෙට අරගල භූමියෙන් යනවා”

    ඇමති ධුරයේ වැඩ කල නොහැකි බව වාසු කියයි

    විදුළි බිල ඩබල් වෙයි ??

    ප්‍රභාත් ජයසූරියත් මාසයේ ක්‍රීඩකයාට නිර්දේශ වෙයි

    ICC ජූලි මාසය සඳහා ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත් ජයසූරියට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

සියාම් ටෙන්ඩරය අවලංගු කොට වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් – කෝප් නිර්දේශ

Sudari Silva by Sudari Silva
1 month ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
සියාම් ටෙන්ඩරය අවලංගු කොට වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් – කෝප් නිර්දේශ
0
SHARES
33
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය අහෝසි කොට ඇ. ඩො 129 බැගින් ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් සිදුකරන ලෙස කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය.

මීට පෙර පැවති කෝප් කමිටුවේ ලබා දුන් නියෝග ක්‍රියාවට නැංවීම සහ වත්මන් කාර්ය සාධනය පිළිබද සාකච්ඡා කිරීම සදහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට ඊයේ කැදවූ අවස්ථාවේදී මෙම නිර්දේශය ලබා දෙන ලදී.

පසුගිය පෙබරවාරි මස වන විට ගෑස් මිලදී ගැනීම සදහා තිබූ වාර ටෙන්ඩරය අවසන් වූ බැවින් ගෑස් මෙ.ටො 2,80,000 ක් සදහා ටෙන්ඩර් කැදවන ලද බවත් ඒ අනුව ගෑස්සැපයුම්කරුවන් තිදෙනෙක් ලංසු ඉදිරිපත් කොට ඇති බවත් මෙහිදී හෙළිවිය. මෙහිදී සියාම් ගෑස් සමාගම ඇ.ඩො 96 බැවින් අවම මිල ඉදිරිපත් කොට ඇති අතර ඒ අනුව ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එහෙත් ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංසු කැදවීමේදී දන්වා සිටි කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් ලිට්‍රෝ ආයතනයට ඉදිරිපත් කිරීමට මෙරට බැංකුවලට නොහැකි වීම නිසා එම සියාම් සමා‍ගම හරහා ගෑස් ලබා ගැනීමට නොහැකි වූ බවද මෙහිදී ලිට්‍රෝ නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ සම්බන්ධයෙන් අදාළ සමාගම සමග සාකච්ඡා පැවත්වුවද ටෙන්ඩර් කැදවීමේදී ඉදිරිපත් කළ කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් නොමැතිව ගෑස් සැපයීමට සමාගම අකමැත්ත පළ කළ බව ලිට්‍රෝ සමාගමේ නිලධාරීහු මෙහිදී පැවසුහ.

මෙම ප්‍රමාදය නිසා සියාම් සමාගමෙන්ම තාවකාලික විසදුමක් වශයෙන් සති දෙකකට අවශ්‍ය දළ ගෑස් ප්‍රමාණය වන මෙ.ටො 15,000ක් හදිසි මිලදී ගැනීම් ලෙස ලබා ගැනීමට සාකච්ඡා කළද ඔවුන්ට සැපයිය හැකි වන්නේ මෙ.ටො 6600ක් පමණක් බව දන්වා සිටීම නිසා එයද අසාර්ථක වූ බව මෙහිදී හෙළිවිය. එහෙත් වාර ටෙන්ඩරය සදහා ඇ.ඩො. 129 කට මිලගණන් එවා තිබූ ඔමාන සමාගම මසකට ගෑස් මෙ.ටො 25000 බැගින් මෙ.ටො ලක්ෂයක් මාස 4ක් ලබා දීමට එකගත්වය පළ කළ බවද ලිටෝ සමගම පැවසීය.

ඒ අනුව ඉහත කරුණු කැබිනට් මණ්ඩලයට දැන්වීමෙන් අනතුරුව සියාම් ගෑස් සමාගමට ලබා දී තිබූ වාර ටෙන්ඩරය අවලංගු කොට ඕමාන සමාගමෙන් ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීමේ වාර ටෙන්ඩරය සදහා කැබිනට් අනුමතිය ලැබුණු බවත් මෙහිදී අනාවරණය විය. ඒ සදහා ලෝක බැංකුවේ ඇ.ඩො. මිලියන 70 ක ණය ආධාරයක් සහ ලිටෝ සමාගමේ ඇ.ඩො මිලියන 20 ක් යොදා ඇ.ඩො. මිලියන 90 ක් වැය කරන බවත් ලිටෝ සභාපති මුදිත පීරිස් මහතා මෙහිදී පැවසීය.

ගෑස් අවශ්‍යතාව අත්‍යවශ්‍ය හදිසි තත්ත්වයක් වුවද අවම ලංසුකරු වන සියම් සමාගම වෙනුවට වැඩි මිලට ඕමාන සමාගමෙන් මිලදී ගැනීම ඉදිරියේදී නරක පූර්වාදර්ශයක් සැපයිය හැකි බැවින් මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකොට ලෝක බැංකු ඇ.ඩො මිලියන 70 ක මුදල ඵලදායි ලෙස යොදා ගත්තේද යන්න සොයා බලා වාර්තා කරන ලෙස මෙහිදී කෝප් සභාපතිවරයා විගණකාධිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද ඇ.ඩො මිලියන 160 ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම පිළබදවද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී ලිට්‍රෝ සභාපතිවරයා පවසා සිටියේ ඉන්දීය රජයේ කොන්දේසි අනුව එරට නිෂ්පාදනයක් නොවන ගෑස් මිලදී ගැනීම ගැටලූවක්ව ඇති බවයි. මේ පිළිබදව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ පිළිබදව කඩිනමින් සොයා බලා සති දෙකක් තුළ වාර්තා කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

ලිට්‍රෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැනට පත් කර ඇති සාමාජිකයන් ගණන 4 දෙනෙකු පමණක් වීම පිළිබදවත් මෙහිදී අවධානය යොමුවිය. නෛතික තත්ත්වය අනුව සාමාජිකයන් 5 දෙනෙකු සිටිය යුතු බවත් අනාවරණය විය. තවද අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීම සිදු කරන්නේ මුදල් අමාත්‍යාංශය බැවින් මව් සමාගමේ නියෝජිතයන්ගෙන් සමන්විත වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව මෙහිදී පෙන්වා දුන් අතර ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී යන තනතුරු දෙකම එකම පුද්ගලයෙකු දැරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. සමාගමේ සභාපති තනතුර වෙනස් වුවද ස්ථිර ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් පැවතීම ආයතනයේ යහ පැවැත්ම සදහා අතවශ්‍ය බැවින් ඒ සදහා කඩිනමින් කටයුතු කිරීමේ වැදගත්කම කමිටුව අවධාරණය කරන ලදී. මෙහිදී ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවේ මෙම අර්බුදකාරී තත්ත්වය සමනය වූ වහාම ඒ සදහා කටයුතු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ වන විටත් තීරණයක් ගෙන ඇති බවයි. ඒ සදහා කඩිනමින් අවශ්‍ය පියවර ගෙන වාර්තා කරන ලෙස කමිටුව නිර්දේශ කළේය.

ලිට්‍රෝ සමාමේ මවු සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ලිට්‍රෝ සමාගමට මූල්‍ය සහය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. එහිදී රක්ෂණ සංස්ථාවේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේ සමාගම සතු රුපියල් බිලියන 5ට ආසන්න මුදලක් රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීම නිසා පසුගිය කාලයේ ගෑස් මිලදී ගැනීමේ හැකියාව ලැබුණු බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝජනය කරමින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සමන් ප්‍රනාන්දු, රක්ෂණ සංස්ථාවේ සභාපති ලිට්‍රෝ හිටපු සභාපති විජිත හේරත්, ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් යන මහත්වරු ඇතුළු නිලධාරීහුද මෙම අවස්ථාවට පැමිණ සිටි අතර ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති තෙසාර ජයවර්ධන මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේද මෙම අවස්ථාවට සම්බන්ධ විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අළුත්ගමගේ, අනුර කුමාර දිසානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ජගත් පුෂ්පකුමාර, ඉන්දික අනුරුද්ධ, එස්. එම් මරික්කාර්, ජයන්ත සමරවීර, ආචාර්ය නාලක ගොඩහේවා, ප්‍රේම්නාත් සී දොලවත්ත සහ මධුර විතානගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sudari Silva
Sudari Silva
Tags: copeකෝප් කමිටු සභාපතිචරිත හේරත්
Previous Post

ලක් – රුසියා ජනපතිවරුන් දුරකථන සංවාදයක / ණයට ඉන්ධන හා එරොෆ්ලොට් ගැන සාකච්ඡා

Next Post

ගෑස් හිගය අගෝස්තු මුල් සතිය වන විට අවසන් – භූමිතෙල් මිළ වැඩි කරනවා

Sudari Silva

Sudari Silva

Related Posts

බොරු ප්‍රකාශ එපා | ගෑස් ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැහැ – ලිට්‍රෝ සමාගම
දේශීය

ලිට්‍රෝ ගෑස් මිල පහළට

by Sudari Silva
August 8, 2022
”හදිසියේ ඇතිවූ ගෑස් හිගයත් අද මිල ඉහළයාමත් ආණ්ඩුවේ සැළසුමක්”
දේශීය

සිය ස්ථාවරය ජනපති ඉදිරියේ කීමට ජවිපේ සූදානමින්

by Sudari Silva
August 8, 2022
ලොහාන් ගැන මැතිවරණ කොමිසමේ ස්ථාවරය
දේශීය

මැතිවරණ කොමිසමේ සහ සියළු දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක්

by Sudari Silva
August 8, 2022
“ගෙනාපු දියර පොහොර පොල් ගස්වලට දාන්න නම් හෙලිකොප්ටර් ගන්න වෙයි”
ප්‍රමුඛ පුවත්

40 ක කැබිනට්ටුවක් පත් කරන සූදානමක්

by Hasitha Samaraweera
August 8, 2022
“විරෝධතාවයට නාවොත් අපි හෙට අරගල භූමියෙන් යනවා”
දේශීය

“විරෝධතාවයට නාවොත් අපි හෙට අරගල භූමියෙන් යනවා”

by Sudari Silva
August 8, 2022
Next Post
“මිනිස්සු නිදන් ඉන්න හැටි බලන්න – ටකරං පොල්අතු දාලා හරි හදන්න”

ගෑස් හිගය අගෝස්තු මුල් සතිය වන විට අවසන් - භූමිතෙල් මිළ වැඩි කරනවා

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In