සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සියලූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් නීතියක් බවට පත් කරමින් ලබන සඳුදා දිනයේදී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බස්නාහිර පලාතේ පවතින සීමා දැඩි කරමින් තවත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ද සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරිය සඳහන් කලේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී දැන් පැවැත්වෙන හමුවකදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කලා.
එමෙන්ම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ලබන සතියේ සිට ඉන්දියාවෙන් ඔක්සිජන් ටොන් 100 ක් බැගින් සතිපතා මිළයට ගැනීමට පියවර ගන්නා බවයි මෙහිදී සඳහන් කෙරුණේ.
අවශ්‍ය වුවහොත් සිංගප්පූරුවෙන්ද ඔක්සිජන් ආනයනය කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.
