01 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සියලූම සිසුන් අද සිට සාමාන්‍ය පරිදි පාසල් වෙත කැදවා තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ කොවිඩ් වසංගත තත්වය මේ වනවිට යම්තාක් දුරකට පාලනය කර ඇති බැවින් දරුවන්ට මග හැරුණු අධ්‍යාපන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ නැවතත් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට තීරණය කල බවයි.
මෙරට තුල කොවිඩ් 19 පැතිර යාමත් සමග දිවයිනේ සියලූ පාසල් වසා දැමීමට පියවර ගැනුණු අතර, ආසාදිතයින් වාර්තාවීම අඩුවීමත් සමග පාසල් පද්ධතියේ අධ්‍යයන කටයුතු අධියර කිහිපයක් ඔස්සේ ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තා.
ඒ අනුව, පාසල් සඳහා සිසුන් ගෙන්වා ගැනීමේදී සීමාවන් යොදා ගනිමින් අධ්‍යයන කටයුතු සිදුකිරීමටද මීට පෙර පියවර ගෙන තිබුණා.
ගතවූ කාලය තුළ ලැබූ අත්දැකීම් අනුවත්, සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට ගෙන ඇති පියවරත් සැලකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අද සිට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කලේ.
කිසියම් දරුවෙකුට කොවිඩ් ආසාඡනය වී ඇත්නම් හෝ පළමු පෙළ ආශ්‍රිතයෙකු වී ඇත්නම් පාසල් වෙත පැමිණීමෙන් වැළකි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසද ඔහු දරුවන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කලා.
මේ අතර පවතින වසංගත තත්වය හමුවේ පාසල් වල ආපනශාලා විවෘතකීරීමට අවසර ලබා දී නොමැති බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා දැනුම් දෙනවා.
එබැවින් උදාසන සහ දිවා ආහාරය නිවෙසින් රැගෙන ඒමට සිසුන් කටයුතු කල යුතු බවයි ඔහු අවධාරණය කලේ.