සියලූම රාජ්‍ය සේවකයින් ලබන 01 වැනි දා සිට නැවත සේවයට කැඳවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට යොමු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් J.J. රත්නසිරි මහතා සඳහන් කළේ අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම හේතුවෙන් ආයතන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක් දැනුම් දී ඇති බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ද ලේකම්වරයා කියාසිටියා.
රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයේ අවශ්‍යතාව මත මේ වනවිට සතියට දින 02 ක කාලයක් පමනක් සේවයට කැඳවනු ලබනවා.
