අද සිට සියලු රාජ්‍ය සේවකයින් රාජකාරි සදහා කැදවීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නැවත වරක් අවධානය යොමු කල යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
අද සිට රාජ්‍ය සේවකයින් ඇතුලූ විශාල පිරිසක් සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහනය භාවිත කිරීම තුල කොවිඩ් වෛරස ව්‍යාප්තියද වේගවත් විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.
පවතින වසංගත අවදානම පහව යාමටත් පෙර රජය ගෙන ඇති මෙම තීරණයෙන් අපහසුතාවට පත්වන්නේ රාජ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ පවුල් වල ඥාතීන් බවයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.
ඔවුන් එන්නත්කරණයට ලක්ව ඇති බව රජය පැවසුවද එය එසේ නොවන බවට එම සංගමය චෝදනා කරනවා.
කෙසේවෙතත් පොදු ප්‍රවාහනයේදී සහ කාර්යාල කටයුතු වලදී වෛරස ව්‍යාප්තිය පාලනය සදහා සියලූ ජනතාව එකලෙස වගකීමෙන් කටයුතු කරන ලෙසයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.