කාර්යාල සේවකයින් නැවතත් සේවයට කැදවිය යුත්තේ ඒ සදහා සුදුසු සෞඛ්‍ය තත්වයක් රටතුල ස්ථාපිත කිරීමෙන් පසුව බව සමගි ජනබලවේගය පවසනවා.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොගෙන ආණ්ඩුවේ පෞද්ගලික තීන්දු මත මෙවැනි තීරණ වලට එළැඹීම තරයේ හෙළා දකින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙන්නේ.
නිව්ස් රේඩියෝ කල විමසිමකදී මන්ත්‍රීවරයා කියාසිටියේ මෙම තීරණය නැවත වරක් සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.