ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර 03 තුළදී ඉටු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වනවා.
එබැවින් තමා කෙරෙහි විශ්වාසය තබන ලෙසයි ජනාධිපතිවරයා රටවැසියන්ගෙන් ඉල්ලා සිටියේ.
පටු විවේච්චන එල්ල කර ජනතාව අධෛර්යමත් නොකරන ලෙසද ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම පාර්ශවයකින්ම ඉල්ලා සිටියා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සභාව අමතමිනුයි.
කොවිඩ් නිසා ආදායම විශාල වශයෙන් අහිමි වු බවත් එන්නත්කරණය සහ සංචාරකයන් පැමිණීම් ඉහළ යන්නේ නම් රට ඉදිරියට ගෙන යා හැකි බවත් රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියා.
කිසි දිනක ගොවියා අමතක නොකරන බවට ප්‍රතිඥා දුන් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කලේ වහාම වගා සංග්‍රාමයක් ආරම්භ කරන බවයි.
එදා තමන් වෙත විශ්වාසය තබා දුන් ඡන්දයේ ගෞරවය ආරක්ෂා කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දුන්නා.
