දිවයිනේ පාසල්වල 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සියලුම සිසුන් හෙට සිට සාමාන්‍ය පරිදි පාසල් වෙත කැදවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ පවතින කොවිඩ් වසංගත තත්වය මේ වනවිට නිසි ආකාරයෙන් පාලනය කර ඇති බැවින් දරුවන්ට මග හැරුණු අධ්‍යාපන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ නැවතත් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට තීරණය කල බවයි.
කෙසේවෙතත් පවතින වසංගත තත්වය හමුවේ පාසල් වල ආපනශාලා විවෘතකීරීමට අවසර ලබා දී නොමැති බැවින් සිසුන්ගේ උදාසන සහ දිවා ආහාරය නිවෙසින් රැගෙන යාමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිසු සිසුවියන්ට දැනුම්දෙනවා.
