අද සිට සියලුම දරුවන් පාසල් වෙත කැදවීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණයේ වගකීම බළධාරීන් විසින් භාර ගත යුතු බව අධ්‍යාපන වෘත්තීය සමිති පවසනවා.
නිව්ස් රේඩියෝ කල විමසීමකදී ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කලේ ඔමික්‍රොන් වෛරස ප්‍රභේදයේ බලපෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ අධ්‍යාපන බළධාරීන්ගේ අවධානය මීට වඩා යොමු කල යුතුව තිබූ බවයි.