රුපියල් කෝටි 200 ක වියදමින් රටපුරා නගර 100 ක් අලංකරණය කර එකවර සංවර්ධනය කිරීමේ වැඩ සටහන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කුරුණෑගල හිරිපිටිය නගරයෙන් ආරම්භ කෙරෙනවා.
වසර ගණනාවක් තිස්සේ නිසිලෙස සංවර්ධනයට ලක්නොවූ නගර මේ යටතේ අලංකාර කර සංවර්ධනය කෙරෙනු ඇති. සෑම නගරයකම පොදුවේ දක්නට ලැබෙන අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම / අක්‍රමවත් පදික වේදිකා සකස් කිරීම, අලූත්වැඩියා කිරීම සහ අලූතින් ඉදිකිරීම, මාර්ග දෙපස කාණු පද්ධති සකස් කිරීම, අලූත්වැඩියා කිරීම හා අලූතින් ඉදිකිරීම, දැනට පවතින රථගාල් සංවර්ධනය කිරීම හා අලූතින් ඉදිකිරීම මේ යටතේ සිදුවනවා.
මෙරට දිස්ත්‍රික් 25 තුළින්ම තෝරාගත් නගර 100 ක් මේ යටතේ සංවර්ධනය කෙරෙන බවයි රජය සඳහන් කලේ.