පවතින අර්බුදකාරි තත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අයිඕසී මිල ඉහළ ගියද සිපෙට්කෝ ඉන්ධන මිල වැඩිනොවනු ඇති බවට විශ්වාසය පළකරන බවයි.
මේ අතර දුම්රිය ගාස්තු සම්බන්ධයෙන්ද දිලුම් අමුණුගම මහතා අදහස් පලකලා
ඉන්ධන මිල වැඩිකිරීම හරහා තෙල් සංස්ථාවට ගෙවිය යුතු දුම්රියේ ඩීසල් බිල පවා ගෙවීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර ආණ්ඩුවේ බහුතරය අහිමිකරන බවට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකයින් විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් දිලුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළකලා.