කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා මුදල් ගෙවා වේලාවක් වෙන් කරවා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සිඩ්නි නුවර රෝයල් ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහලේ දී ෆයිසර් එන්නත ලබාගැනීම වෙනුවෙන් ඩොලර් 300 බැගින් ගෙවා වේලාවක් වෙන් කරවා ගත හැකි බවයි ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් හරහා දැන්වීම් පළකර ඇත්තේ.
පුද්ගලයන් 60 දෙනෙකු පමණ එලෙස මුදල් ගෙවා ඇති අතර සයිබර් අපරාධ විමර්ශන නිළධාරීන් වෙත සිදුකල පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියා රජය අවධාරණය කරන්නේ කිසිදු පුද්ගලයෙකු මුදල් ගෙවා එන්නත් වෙන් කර ගැනීම අවශ්‍ය නොවන අතර එන්නත්කරණය වෙනුවෙන් ඩොලර් බිලියන 10 ක මුදලක් වෙන් කර ඇති බවයි.