ඕස්ටේ්‍රලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරයට පනවා ඇති හුදකලා තත්වය තවත් මාසයකින් දීර්ඝ කිරීමට එරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.
ඒ කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රබේදය සිඩ්නි නගරය පුරා සීග්‍රලෙස පැතිරයාම සැළකිල්ලට ගෙනයි.
පසුගිය මාසයේ සිට සිඩ්නි නගරය හුදකලා කෙරුණු අතර එය එළඹෙන සිකුරාදායින් අවසන්වීමටයි නියමිතව තිබුණේ.
එම නගරයෙන් මෙම වසරේදී පමණක් හදුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2500ක්.
මේ අතර ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 177 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසුව එම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් මෙපමණ සංඛ්‍යාවක් වාර්තාවූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.