සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන සඳහා උපරිම ආරක්ෂාවක් සළසා ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව සෑම විභාග මධ්‍යස්ථානයකටම සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු බැගින් යෙදවෙනු ඇති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ජංගම පොලිස් සංචාර සිදුකරමින් අයදුම්කරුවන්ට අවශ්‍ය ආරක්ෂාව මෙන්ම ප්‍රශ්නපත්‍ර සහ උත්තරපත්‍ර වලට ද ආරක්ෂාව ලබාදෙන බවයි.
සාමාන්‍ය පෙළ විභාගය පැවත්වෙන දිනවලදී මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ වල නිරත වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.