ශ්‍රී ලංකාවේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ සැෂේ පැකට් හා ලන්ච්ෂීට් තහනම සාර්ථක වී ඇති බවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව පසුගිය මාර්තු 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබූ ආහාර හා ඖෂධ නොවන සැෂේ පැකට් / ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ් සහ පොලිතීන්වලින් නිෂ්පාදිත සුළං පුරවන ලද සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවි කිරීම මේ වනවිට මුළුමනින්ම නැවතී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පරිසර අමාත්‍යාංශය විසින් ලබා ගෙන ඇති තොරතුරු පරිදි වසරකට මෙරට තුළ රුපියල් කෝටි 96ක සැෂේ පැකට් අලෙවි වී ඇති බව සදහන්.
එමෙන්ම වාර්ෂිකව පරිසරයට මුදා හරින ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 5475 ඉක්මවන බවට වාර්තා වී තිබෙනවා.
මෙම වසර අවසන් වීමට ප්‍රථම මේ සම්බන්ධ වැටලීම් 4930ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තාවක් පරිසර අමාත්‍යවරයාට භාර දීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර එම නිෂ්පාදන තවදුරටත් සිදුකෙරෙන්නේ ද යන්න සොයා බැලීම සඳහා වැටලීම් සිදු කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී ඇති බවද පරිසර අමාත්‍යංශය නිවේදනය කළා.