ඉන්දියාවෙන් ඇණවුම් කළ ඔක්සිජන් අඩංගු තවත් නෞකාවක් අද දිවයිනට පැමිණිමට නියමිතයි.
සායනික ඔක්සිජන් ටොන් 140 ක් රැගත් ඉන්දීය නෞකාවක් මෙලෙස පැමිණෙනු ඇති.
මෙරටින් පිටත්ව ගිය නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ද තවත් ඔක්සිජන් ටොන් 100 ක් රැගෙන අද පස්වරුවේ හෝ හෙට උදාසන කොළඹ වරාය වෙත ළගාවීමට නියමිතයි.
ඔක්සිජන් ටොන් 40 ක් රැගත් නෞකාවක් ඊයේ පෙරවරුවේ කොළඹ වරාය වෙත පැමිණ තිබුණා.