සාමූහික වගකීමකින් කටයුතු කල නොහැකි පිරිස් අදාළ තනතුරුවලින් ඉවත්ව විවේච්චන එල්ල කිරීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පිරිසක් එල්ල කර ඇති චෝදනා පිළිබඳ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කලා.
මාධ්‍ය හමුවට එක්ව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ද ඊට මැදිහත්වුණා.
