සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.
මේ අනුව අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන් සඳහා පමණක් එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාදීම සිදු කෙරෙනු ඇති.
අවම සේවක සංඛ්‍යාවක් යටතේ සේවාවන් ලබාදීමටයි තීරණය වී ඇත්තේ.
