දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරිවලින් සහ පාර්සල් භාරගැනීමෙන් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ගත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම් දෙනවා.
ඒ අද පස්වරුවේ දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා අතර පැවැති සාකච්ඡාවේදි නිසි විසදුමක් නොලැබීම හමුවේ බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ.
මේ අතර අද දිනයේදී ගනේමුල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ට පහරදීමක් වාර්තා වී ඇති බවද ඔහු කියා සිටියා.
එම ක්‍රියාව සාමාන්‍ය ක්‍රියාවක්ද නැතිනම් වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතවූ තර්ජනයක් බවට හෙළි වුවහොත් සේවාවෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවද සුමේධ සෝමරත්න මහතා මෙහිදී කියා සිටියා.