මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා බන්ධනාගාර රැඳවියන් 15 දෙනෙකු පෙනීසිටීමට සූදානම් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනූව වැලිකඩ බන්ධනාගාරයෙන් 01 රැඳවියෙකු, නව මැගසින් බන්ධනාගාරයේ රඳවා ඇති එල්.ටී.ටී.ඊ විශේෂ රැදවියන් 04 දෙනෙකු / වටරැක බන්ධනාගාර සුනීත පාසලේ තරුණ වරදකරුවන් 10 ක් ලෙස රැඳවියන් 15 ක් විභාගය සදහා පෙනී සිටීමට නියමිතයි.
ඔවුන් සියලූදෙනා නව මැගසින් බන්ධනාගාරයේ හා වටරැක බන්ධනාගාර සුනීත පාසලේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානවලදී විභාගය සදහා පෙනී සිටීමට නියමිත බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා නිව්ස් රේඩියෝ වෙත කියා සිටියේ.
